එන්නත්කරණයට එන්න ‘ප්‍රවාහන පහසුකම් දෙන්න’ සුදානම්

එන්නත්කරණයට එන්න ‘ප්‍රවාහන පහසුකම් දෙන්න’ සුදානම්

එන්නත්කරණයට ප්‍රවාහන පහසුකම් නැති ජනතාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට අනුව ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සහ UBER SRI LANKA වෙතින් නොමිලේ ගමන්වාර 50000ක් ලබාදෙන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කර සිටිනවා.

කොළඹ, ගම්පහ,කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කයන්හි කොවිඩ් ප්‍රතිකාර රාජකාරීවල නිරත වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා මේ වනවිට ක්‍රියාත්මක නොමිලේ ප්‍රවාහන පහසුකම් සැපයීමේ වැඩසටහනේ ප්‍රගතිය දැනුම් දීමේ හමුව අරලියගහ මන්දිරයේ දී පැවති අතරවාරයේ මෙම එකඟතාවය පළවූ බව එම නිවේදනයේ සඳහන්.

Share This