එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා ගමන් කළ රථය අනතුරක

එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා ගමන් කළ රථය අනතුරක

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ගමන් කළ රථය අනතුරකට ලක්ව තිබෙනවා.

කොළඹ සිට යාපනය දක්වා ගමන්ගත් මන්ත්‍රීවරයාගේ රථය කිලිනොච්චිය 155 කිලෝමීටර කණුව ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටී ඇති අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඊයේ (27) සවස් කාලයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

කෙසේවෙතත් අනතුරින් කිසිඳු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති අතර මන්ත්‍රීවරයාගේ රථයේ ඉදිරිපස කොටසට පමණක් සුළු හානියක් සිදුව ඇති බව පොලිසිය පැවසුවා.

Share This