
එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක 66 වැනි ගුණ සැමරුම අද
හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 66 වැනි ගුණ සැමරුම අදට යෙදී තිබෙනවා.
ඒ වෙනුවෙන් වූ ගුණ සැමරුම් උත්සවයක් හොරගොල්ල බණ්ඩාරනායක සමාධි අබියසදී පැවැත්වුණා.
හිටපු අග්‍රාමාත්‍යවරයෙකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ වන එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 66 වැනි ගුණ සැමරුම අද පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අබියසදී පැවැත්වුණා.
මේ සඳහා ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ වැඩිමහල් දියණිය වන සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු දේශපාලඥයින් රැසක් එක්ව සිටියා.
මේ අතර බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 66 වැනි ගුණ සැමරුමට සමගාමීව හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සහ හිටපු කතානායක අනුර බණ්ඩාරනායක මහතාගේද ගුණ සැමරුම් උත්සව හොරගොල්ල බණ්ඩාරනායක සමාධි අබියසදී පැවැත්වුණා.
බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ බාල දියණිය වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනාය කුමාරතුංග මහත්මිය අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙම අවස්ථාවට එක්ව සිටියේ නැහැ.
අත්තනගල්ල රජමහා විහාරයේ විහාරාධිපති සිව් කෝරලයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් ඇතුළු මහා සංඝරත්නයේ ආගමික වතාවත්වලින් අනතුරුව පැන් වඩා පිරිකර පූජා කිරීම සිදුකෙරුණා.
ඉන් අනතුරුව වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ දරු දැරියන් විසින් බණ්ඩාරනායක ගුණ සමරු ගීතය ගයනාා කළා.
