ඒෂියා මිරකල් සම්මාන උළෙලේදී ස්වර්ණවාහිනීය සම්මාන රැසකින් පිදුම් ලබයි (VIDEO)

ඒෂියා මිරකල් සම්මාන උළෙලේදී ස්වර්ණවාහිනීය සම්මාන රැසකින් පිදුම් ලබයි (VIDEO)

මෙරට විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඇතුළු ක්‍ෂේත‍්‍ර රැසක විශිෂ්ටයින් ඇගයීමට ලක් කෙරෙන ඒෂියා මිරකල් සම්මාන උළෙල ඊයේ(31) පැවැත්වුණා.

කවදත් ශ‍්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ට හරවත් මෙන්ම රසවත් නිර්මාණ තිළිණ කරන ශ‍්‍රී ලාංකේය අභිමානය ස්වර්ණවාහිනීය මේ සම්මාන උළෙලේ දී යළිත් තම විශිෂ්ඨත්වය තහවරු කරනු ලැබුවා.

මෙවර වසරේ හොඳම ප‍්‍රාසාංගික වැඩසටහන ලෙසින් ස්වර්ණවාහිනී ”හිත ඉල්ලන තරු” සම්මානයට පාත‍්‍ර වූ අතර, එහි අධ්‍යක්ෂ තරිඳු අනූපම සම්මානය හිමි කරගත්තා.

වසරේ හොඳම ප‍්‍රාසාංගික වැඩසටහන් ඉදිරිපත් කරන්නා බවට පත්වුණේ හිත ඉල්ලන තරු නිවේදක බුද්ධික රඹුක්වැල්ලයි.

ගෙවුණු වසරේ හොඳම රූපවාහිනී උදෑසන වැඩසටහන ‘ආයුබෝවන් ශ‍්‍රී ලංකා’ සහ වසරේ හොඳම ඉවුම් පිහුම් වැඩසටහන ලෙස ‘රස සරණිය’ සම්මානයට පාත‍්‍ර වූ අතර, වැඩසටහන් නිෂ්පාදක ප‍්‍රගීත් ඩිමෝර් සම්මාන ලබාගත්තා.

මේ අතර, විද්‍යුත් මාධ්‍යයේ සිය සේවය වෙනුවෙන් සේවා විශිෂ්ඨතා සම්මානයෙන් ස්වර්ණවාහිනී වැඩසටහන් ජ්‍යෙෂ්ඨ කළමනාකරු අමිල නුවන් වාදසිංහ සම්මානයට පාත‍්‍ර වුණා.

වසරේ නැගී එන පුවත්පත වෙනුවෙන් සම්මානය දිනාගත්තේ යුගයේ ජනහඬ ‘මොනරා’ පුවත්පතයි.

ඊට අදාළ සම්මානය මොනරා පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ ආරියනන්ද දොඹගහවත්ත ඇතුළු පිරිස ලබා ගත්තා.

මෙම සම්මාන රාත‍්‍රිය වෙනුවෙන් මෙරට ව්‍යාපාරික, කලා ඇතුළු ක්ෂේත්‍ර රැසක විශිෂ්ඨයින් රැසක් සහභාගි වූ බවයි වාර්තා වන්නේ.

Share This