ඔත්තු බැලීමේ චෝදනා ලැබූ අමෙරිකානු මාධ්‍යවේදියා අධිකරණයට

ඔත්තු බැලීමේ චෝදනා ලැබූ අමෙරිකානු මාධ්‍යවේදියා අධිකරණයට

ඔත්තු බැලීමේ චෝදනා ලැබූ එක්සත් ජනපද මාධ්‍යවේදී Evan Gershkovich නඩු විභාගය ආරම්භ කිරීම සඳහා අද(26) Yekaterinburg හි රුසියානු අධිකරණයට පැමිණ තිබෙනවා.

නඩු කටයුතු ආරම්භ කිරීමට පෙර Evanගෙන් තොරතුරු විමසීම සඳහා මාධ්‍යයට අධිකරණයට ඇතුළු වීමට අවස්ථාව ලබාදුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මාස 15 කට ආසන්න කාලයක් ඔහු රුසියාවේ මොස්කව් සිරගෙදර සිරගත කර තිබූ බව සඳහන්.

වාර්තාකරණ චාරිකාවක නිරතව සිටියදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Evan Gershkovich අමෙරිකාවේ මධ්‍යම බුද්ධි ඒජන්සිය වෙනුවෙන් Yekaterinburg අසල රුසියානු ටැංකි නිෂ්පාදකයෙකු පිළිබඳ රහසිගත තොරතුරු රැස් කරමින් සිටි බව නීතිඥයින් පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් එක්සත් ජනපද ආණ්ඩුව ඔත්තු බැලීමේ චෝදනාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් Gershkovich නඩු චෝදනාවලින් වරදකරු වුවහොත් ඔහුට වසර 20ක සිර දඬුවමකට යටත් වීමට සිදුවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This