ඔලිම්පික් ඉතිහාසයේ ලාංකික කාන්තාවකට ලැබුණු තැන
ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් පළමු වරට ශ්‍රී ලාංකික කාන්තාවක් ඔලිම්පික් තරගාවලියක් විනිශ්චය කිරීම සඳහා සහ තීරක කටයුතු සඳහා සුදුසුකම් ලබා තිබෙනවා
ඇය ටී. නෙල්කා ශිරෝමාලා නිලධාරිනියයි
ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක්.
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයේද මෙය රන් අකුරින් සටහන් වනු ඇති
ඒ අනුව 2021 වසරේ ජපානයේ තෝකියේ නගරයේ පැවැත්වීමට නියමිත 2020 ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියේ බොක්සිං තරග තීරක හා විනිසුරුවරියක ලෙස කටයුතු කිරීමට ඇය තෝරා පත්කරගෙනතිබෙන බවයි වාර්තා වන්නේ
ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇය 1997 වසරේදී ආධුනික කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක ලෙස පොලිස් සේවයට එක්වී ඇති අතර 2021 වසරේ පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ජාතික තරගාවලියකට සහභාගි වූ පළමු පොලිස් කාන්තා බොක්සිං ක්‍රීඩිකාවද වනවා
ඇය අඛණ්ඩව වසර 05ක් දක්ෂතම බොක්සිං පරාජිත ක්‍රීඩිකාවට හිමි සම්මානයද දිනා ගෙන තිබෙනවා
2001 වසරේ සිට 2006 වසර දක්වා ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් බොක්සිං තරගාවලි සඳහා සහභාගි වූ ඇය ශ්‍රී ලංකා පොලිසිය වෙත විවිධ ජයග්රහණයන් අත්කර දී තිබෙනවා
2009 වසරේදී පළමුවරට ශ්‍රී ලාංකික කාන්තාවන් සඳහා වූ බොක්සිං තරග තීරක වශයෙන් සමත් වූ ඇය 2011 වසරේ පළමු පෙළ ජාත්‍යන්තර බොක්සිං තරග විනිසුරුවරියක ලෙස උසස්වීම් ලැබුවා
2011 වර්ෂයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලියක් විනිශ්චය කළ පළමු කාන්තා විනිසුරුවරිය ලෙස ඇය ඉතිහාසගත වී ඇති අතර
දැක්වූ දක්ෂතා මත 2011 වර්ෂයේදීම ලන්ඩන් නගරයේ පැවැති ඔලිම්පික් පූර්ව තේරීම් තරගාවලියට සහභාගි වීමට වරම් ලබා ගත්තා
එහි දෙවැනි දිනම අන්තර්ජාතික දෙවැනි පෙළ විනිසුරුවරියක ලෙසද උසස්වීම් ලැබුවා
2013 වසරේ ඉතාලියේ කතානියා නගරයේ පැවැති බොක්සිං තරග තීරක විනිසුරු විභාගයෙන් සමත්ව අන්තර්ජාතික 03 වැනි පෙළ විනිසුරුවරියක ලෙස උසස්වීම් ලැබූ ඇය බොක්සිං විනිසුරු දිවියේ ලද හැකි ඉහළම තලය ලබා ඇති දක්ෂ නිලධාරිනියක්
එමෙන්ම ශ්‍රී ලංකාවේ පමණක් නොව අග්නිදිග ආසියාවේ සහ දකුණු ආසියාවේ පළමු 03 වැනි පෙළ කාන්තා බොක්සිං විනිසුරුවරියක් වීමේ ගෞරවයද ඇය හිමිකරගෙන තිබෙනවා
කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙල්කා ශිරෝමාලා නිලධාරිනිය මේ වනවිට ලෝක ශූරතා පිරිමි බොක්සිං තරගාවලිය, ලෝක ශූරතා කාන්තා බොක්සිං තරගාවලිය සහ යොවුන් කාන්තා සහ පිරිමි ලෝක ශූරතා බොක්සිං තරගාවලි රැසක් විනිශ්චය කර ඇති අතර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා තරගාවලිය විනිශ්චය සඳහා සහභාගි වූ ප්‍රථම කාන්තා නියෝජනය වීමද විශේෂත්වයක්
යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලි ඔලිම්පික් තේරීම් තරගාවලි, ආසියානු මහද්වීප බොක්සිං තරගාවලි, අග්නිදිග ආසියානු බොක්සිං තරගාවලිය හා වෙනත් විවිධ ජාත්‍යන්තර බොක්සිං තරගාවලි රැසක් විනිශ්චය කරමින් ශ්‍රී ලංකාවට මෙන්ම ශ්‍රී ලංකා පොලිසියටද ඉමහත් ගෞරවයක් ගෙනදීමට ඇය සමත්ව තිබෙනවා
2017 වසරේ ආසියාවේ දක්ෂතම බොක්සිං විනිසුරුට හිමි සම්මානයද ඇය විසින් හිමිකරගෙන ඇති අතර එය ආසියානු කාන්තාවක් විසින් දක්ෂතම බොක්සිං විනිසුරු සඳහා සම්මානයක් ලබාගත් ප්‍රථම අවස්ථාවයි
ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා