ඕඩර් කළේ MilkShake – ගෙදරට ආවේ මුත්‍රා කප් එකක් රස වෙනස් නිසා වැඩේ මාට්ටු

ඕඩර් කළේ MilkShake – ගෙදරට ආවේ මුත්‍රා කප් එකක් රස වෙනස් නිසා වැඩේ මාට්ටු

අමෙරිකාවේ පුද්ගලයෙකු ඔහු ඇණවුම් කළ MilkShake වෙනුවට මුත්‍රා ලැබුණු බවට චෝදනා කර තිබෙනවා.

Fox 59 පුවත්පතට අනුව Utahහි Caleb Woods නම් පුද්ගලයෙකු මෙම සතිය මුලදී online ආහාර නිවසටම බෙදාහැරීමේ යෙදුමකින් French Fries සහ MilkShake ඇණවුම් කර තිබෙනවා.

ඇණවුම ලැබුණු පසු ඔහු MilkShake පානය කිරීමට ගිය අවස්ථාවේදී තමාට ලැබී ඇත්තේ මුත්‍රා බවට දැනගත් බවයි එම පුද්ගලයා චෝදනා කරන්නේ.

පසුව ඇණවුම ගෙන ආ රියැදුරුව නැවත කැඳවා ඔහුට චෝදනා කර ඇති අතර එම රියදුරා පවසා ඇත්තේ ඔහු පැය ගණනක් එක දිගට රැකියාවේ නිරත වන නිසා සමහර අවස්ථාවල මුත්‍රා බෝතලයකට දමන බවයි.

ඒ නිසා අතපසුවීමකින් මුත්‍රා බෝතලය ඔහුගේ MilkShake එක සමග මාරු වී ඇති බව පවසා සමාව ඉල්ලා තිබෙනවා.

මේ සිද්ධියෙන් පසු අදාළ පාරිභෝගිකයා ගේ මුදල නැවත ලබා දීමට ඇණවුම ගෙන ආ රියදුරු කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This