ඕමානයේ වෙඩි තැබීමක් -සිව් දෙනෙකු මරුට-

ඕමානයේ වෙඩි තැබීමක් -සිව් දෙනෙකු මරුට-

ඕමානයේ මස්කට් අගනුවර ඉස්ලාම් දේවස්ථානයක් අසල සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූවන් අතර පාකිස්ථාන ජාතිකයින් සිටින්නේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වෙඩි තැබීම සිදුකළ පාර්ශව සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී නොමැති බව සඳහන්.

මෙම සිදුවීමෙන් අනතුරුව මස්කට් හි එක්සත් ජනපද තානාපති කාර්යාලය ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඕමානයේ සිටින අමෙරිකානු පුරවැසියන්ට අවධානයෙන් පසුවන ලෙසයි.

ප්‍රහාරයෙන් අනතුරුව තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලු ආරක්ෂක විධිවිධාන සහ පියවර ගෙන ඇති බව ඕමාන ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබෙනවා.

Share This