
ඕස්ට්‍රේලියාව පරදා ඉන්දියාව ජය ගනී
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 05වන තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
ඒ කඩුලු 06කින්.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 199ක් ලබා ගත්තා.
ඒ පන්දුවාර 49යි පන්දු 03ක් අවසානයේ සියලු දෙනා දැවී යාමත් සමගයි.
පසුව ලකුණු 200ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 41යි පන්දු 02කදී සිය ජයග්‍රහණය වාර්තා කළා.
ඒ කඩුලු 04ක් දැවී සිටියදීයි.
තරගයේ ලකුණු සටහන පහතින්.


