ඕස්ට්‍රේලියාවේ දී මියගිය අමෙරිකානු නාවික භටයින් හඳුනා ගැනේ

ඕස්ට්‍රේලියාවේ දී මියගිය අමෙරිකානු නාවික භටයින් හඳුනා ගැනේ

ඕස්ට්‍රේලියාවේ හමුදා අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් මියගිය අමෙරිකානු නාවිකයින් තිදෙනා හඳුනාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

MV-22B Osprey යානය පසුගිය ඉරිදා ඩාර්වින්ට උතුරින් පිහිටි දුරස්ථ දූපතකට කඩා වැටුණු බවයි වාර්තා වුණේ

අනතුරින් මියගිය තිදෙනා ලෙස හඳුනා ගෙන ඇත්තේ 29 හැවිරිදි කපිතාන් Eleanor LeBeau, 21 හැවිරිදි කෝප්‍රල් Spencer Collart, සහ 37 හැවිරිදි මේජර් Tobin Lewis යන අයවයි.

අනතුරින් දිවි ගලවා ගත් නාවික භටයින් 20 දෙනාම රෝහල්ගත කෙරුණු අතර එක් අයෙක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ

තවත් දෙදෙනෙකු මේ වනවිට රෝහල්ගතව සිටින නමුත් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සඳහන්

අනතුරට හේතුව තවමත් විමර්ශනය වෙමින් පවතිනවා

මෙම ගුවන් යානය එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, පිලිපීනය, නැගෙනහිර ටිමෝරය සහ ඉන්දුනීසියාව යන රටවල භටයින් 2,500 ක් සහභාගී වූ පුහුණු අභ්‍යාසයක් වන Predators Run සඳහා සහභාගී වෙමින් සිටියදී මෙල්විල් දූපතට කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

Share This