කංජිපානි ඉම්රාන් ඉන්දියාවේ රාමේශ්වරම් ප්‍රදේශයට පැමිණි බවට ඉන්දීය බුද්ධි අංශ හෙළි කරයි (VIDEO)

කංජිපානි ඉම්රාන් ඉන්දියාවේ රාමේශ්වරම් ප්‍රදේශයට පැමිණි බවට ඉන්දීය බුද්ධි අංශ හෙළි කරයි (VIDEO)

මෙරට ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධක්ල්ලි නායකයෙකු බව කියන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් නැමැත්තා මුහුදු මගින් ඉන්දියාවට පළා ගොස් ඇති බවට වාර්තා පළ වනවා.

ඒ සම්බන්ධයෙන් ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත පවසන්නේ මුහුදු මගින් කංජිපානි ඉම්රාන් දකුණු ඉන්දියාවේ රාමේශ්වරම් ප්‍රදේශයට පැමිණ ඇති බවට ඉන්දීය බුද්ධි අංශ වාර්තා කර ඇති බවයි.

ඔහු නීති විරෝධී ලෙස බෝට්ටුවකින් ඉන්දියාවට ඇතුළු වී ඇති බවට වාර්තා වී ඇති බවටයි ඉන්දීය බුද්ධි අංශ වාර්තා කර ඇත්තේ.

ඔහු මාකඳුරේ මදූෂ් ඇතුලු පිරිසක් සමඟ සාදයකට සහභාගී වෙමින් සිටියදී ඩුබායි පොලිසිය විසින් මීට කලකට පෙර අත්අඩංගුවට ගත්තා.

අනතුරුව එරටින් පිටුවහල් කළ කංජිපානි ඉම්රාන් ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොලිසිය සැකරුවෙකු මුදා ගැනීමට පොලිසියට බලපෑම් කිීරීමේ චෝදනාවත් මත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගර ගත කළා.

එම අධිකරණ නියෝගයට අනුව රක්ෂිත බන්ධනාගාරගතව සිටි කංජිපානි ඉම්රාන්ට පසුගියදා ඇප හිමි වුණා.

මේ අතර ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් සී. ගුණසේකරන් හෙවත් කිඹුලා ඇලේ ගුණා ඇතුළු මෙරට පාතාලය මෙහෙයවූ සෙසු පිරිස සම්බන්ධයෙන් විමර්ශනද එරට පොලිසිය විසින් තවදුරටත් සිදුකෙරෙමින් පවතිනවා.

Share This