
කටුනායක, ආඩිඅම්බලම ප්‍රදේශයේ වෙඩි තැබීමක්
අද (22) උදෑසන කටුනායක, ආඩිඅම්බලම ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වෙනවා.
පොලීසිය සඳහන් කලේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු නිවසකට ඇතුළුවී ටී56 ගිනිඅවියකින් වෙඩිතැබීමක් සිදුකර ඇති බවයි.
එහිදී ගිනිඅවිය ක්‍රියාවිරහිත වී ඇති අතර එක් පුද්ගලයෙක් එම ස්ථානයෙන් පලාගොස් තිබෙන අතර අනෙක් පුද්ගලයා නිවසේ කොටුවී තාප්පයකින් පැන යෑමට උත්සාහ කිරීමේ දී ඇදවැටී දෙපාවලට දැඩි හානි සිදුව තිබෙනවා.
තුවාල ලැබූ සැකකරු මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබනවා.