කටුනායකට පැමිණි ගුවන් යානා 06ක් හරවා යවයි

කටුනායකට පැමිණි ගුවන් යානා 06ක් හරවා යවයි

අද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් යානා 06ක් වෙනත් ගුවන් තොටුපොළවල් වෙත හරවා යැවීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි එම ගුවන් යානා මත්තල, ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් සහ කොචින් ගුවන්තොටුපොළ වෙත යොමුකිරීමට පියවර ගත් බවයි වාර්තා වන්නේ.

අයහපත් කාලගුණ තත්ත්වය නිසා, ගුවන් තොටුපළට යාමට පෙර www.srilankan.com වෙබ් අඩවියෙන් නවතම ගුවන් ගමන් පරීක්ෂා කර ගන්නා ලෙස ශ්‍රීලන්කන් ගුවන් සේවය මගීන්ට උපදෙස් දෙනවා.

එසේ නොමැති නම් 1979 ක්ෂණික දුරකථන අංකයට හෝ +94 117 77 1979 අංකය අමතා තොරතුරු ලබාගන්නා ලෙසත් ශ්‍රීලන්කන් ගුවන් සේවය දැනුම් දෙයි.

Share This