කඩා වැටුණු චීන රොකොට්ටුව

කඩා වැටුණු චීන රොකොට්ටුව

අත්හදාබැලීමක් සිදුකරන අතරතුර අහම්බෙන් සිදුවූ දියත් කිරීමක් හේතුවෙන් චීන රොකට්ටුවක් කඩා වැටී තිබෙනවා.

Tianlong-3 නමැති මෙම රොකට්ටුව දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් හදිසියේ වෙන්වීමෙන් පසු මෙලෙස කඩා වැටීමට ලක්ව ඇති බවයි රොකට්ටුව අයත් Space Pioneer සමාගම සඳහන් කළේ.

එහි පළමු අදියර අත්හදා බැලීමේ කටයුතු චීනයේ Gongyi නගරයේ කඳුකර ප්‍රදේශයක සිදුව තිබෙනවා.

රොකට්ටුව පරීක්ෂණ වේදිකාවේ සිට කිලෝමීටර් 1.5ක් නිරිත දෙසින් පිහිටි කඳුකරයකට කඩා වැටී ඇති අතර අත්හදාබැලීමට පෙර ප්‍රදේශයේ ජනතාව ඉවත් කිරීම හේතුවෙන් කිසිඳු හානියක් සිදුව නොමැති බවයි අදාළ සමාගම ප්‍රකාශ කර ඇත්තේ.

Share This