
කඩිනම් සහන ප්‍රදානයට රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් වේ
අයහපත් කාලගුණය නිසා පැන නැගුණ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අංක 2464/30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව රජය තීරණය කර ඇත්තේ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව බිඳවැටී ඇති ජන ජීවිතය යථාතත්ත්වයට පත් කිරීම සඳහා කඩිනම් සහන සැලසිය යුතු බවටයි.
හදිසි ආපදා තත්ත්වය පහව යාමත් සමග බලපෑමට ලක්වූ පවුල්වලට තම නිවාස නැවත පදිංචියට සුදුසු වන පරිදි පිරිසිදුකර සුරක්ෂිතව පදිංචිවීම සඳහා නිවසේ අයිතිය නොසලකා එක නිවාස ඒකකයකට එකවරක් පමණක් ගෙවන රු.25,000 ක දීමනාවක් ලබා දීමට තීරණය වී තිබෙනවා.
නව අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් දැනුම් දී ඇත්තේ ආපදාවෙන් හානියට පත් නිවාසවල නැවත පදිංචියට අත්‍යවශ්‍ය මුළුතැන්ගෙයි බඩුමුට්ටු ආදිය මිලදී ගැනීම සඳහා නිවසේ අයිතිය නොසලකා එක් නිවාස ඒකකයකට රු.50,000 ක එකවරක් පමණක් ගෙවන දීමනාවක් ලබා දීමටයි.
ආපදා හේතුවෙන් පදිංචි නිවස අහිමි වූ හෝ නිවස පූර්ණ ලෙස හානිවීම හේතුවෙන් ජීවනෝපාය කටයුතුවල අඛණ්ඩ නිරතවිය නොහැකි පවුල් වෙත මාස 3 ක කාලයක් එනම් දෙසැම්බර්,ජනවාරි සහ පෙබරවාරි මාසවල සාමාජිකයින් ගණන දෙකක් හෝ ඊට අදු පවුල් සඳහා රු. 25,000 ක ද, සාමාජිකයින් දෙකට වැඩි පවුල් සඳහා රු.50,000 ක දීමනාවක් ද හිමිවනු ඇති.
නායයාම් සහ ගංවතුර හේතුවෙන් තම නිවාස අහිමිවී පදිංචිවීමට නිවසක් නොමැති නිවාස හිමියන් සඳහා නව නිවසක් ඉදිකර ගන්නා තෙක් වෙනත් ස්ථානයක තාවකාලිකව පදිංචිවීමට උපරිම මාස 6 ක් දක්වා මසකට රු.25,000 ක දීමනාවක් ලබා දීමට අදාල ගැසට් පත්‍රය මගින් දැනුම් දෙනවා.
ආපදාවෙන් බලපෑමට ලක් වූ වී,ධාන්‍ය ,බඩ ඉරිඟු සහ ක්ෂේත්‍ර බෝග වගා බිම්වල වගා හානි හෝ නැවත වගා කිරීම සඳහා එකවරක් පමණක් රු. 150,000 ක් එකවරක් පමණක් දීමනාවක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.
ආපදාවෙන් බලපෑමට ලක් වූ එළවළු වගාබිම්වල හානි හෝ නැවත වගා කිරීම සඳහා හෙක්ටයාරයකට රු. ලක්ෂ 2 ක් වන පරිදි එකවරක් පමණක් ගෙවන දීමනාවකට හිමිකම් ප්‍රදානය කර තිබෙනවා.
ඒකකයකට රු. ලක්ෂ 2 ක් ගෙවීමට නව අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් තීරණය කර ඇති අනෙක් දීමනාව වන්නේ තනි,සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට සුදුසු තත්ත්වයට පත්කර ගැනීම සඳහායි. එය ද එකවරක් පමණක් ගෙවනු ලබන දීමනාවක් වනවා.
ආපදාවෙන් විනාශයට පත් ධීවර බෝට්ටුවක් සඳහා උපරිමය ලක්ෂ 4 දක්වා හානි පූරණය කිරීමට නව ගැසට්ටුවෙන් තීරණය කර තිබෙනවා.
ආපදාවෙන් බලපෑමට ලක් වූ පාසල් සිසුන්ට පොත්පත් සහ ඇඳු පැළඳුම් මිල දී ගැනීම සඳහා පාසල් දරුවකුට එකවරක් පමණක් රු. 25,000 ක දීමනාවක් රජයෙන් හිමිවනු ඇති.
ආපදා බලපෑම හේතුවෙන් හානි වී ඇති ව්‍යාපාරික ගොඩනැගිලි සඳහා හානි පූරණට රු 500,000 ක මුදලක් ලබා දීමට නියමිතයි.
ආපදාවෙන් පූර්ණ වශයෙන් හානි සිදුවී ඇති පදිංචිවීමට නොහැකි නිවාස සඳහා නව නිවසක් බ්දිකර ගැනීම සඳහා රු. මිලියන 5 ක දීමනාවක් රජයෙන් හිමිවනවා.
අදාල ගැසට් නිවේදනයේ දැක් වෙන්නේ ආපදා හේතුවෙන් පදිචිවී සිස්ටි නිවස පුර්ණ වශයෙන් හානි වී ඇතිවිට නව නිවසක් බිදිකිරීම සඳහා රජයේ ඉඩමක් ලබාදීමට නොහැකි අවස්ථාවක සුදුසු ඉඩමක් මිලදී ගැනීම සඳහා තවත් රු. මිලියන 5 ක් ලබා දෙන බවයි.
ආපදා බලපෑම හේතුවෙන් අර්ධ වශයෙන් හානි වූ නිවාස සඳහා නිවාස පිළිසකර කරගැනීමට උපරිමය රු. 2,500,000 ක දීමනාවක් හිමිවනවා.
ආපදා බලපෑමෙන් සිදු වූ ජීවිත හානි සඳහා මියගිය පුද්ගලයාගේ ලඟම ඥාතියා වෙත හෝ පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වීමක දී අදාල එක් පුද්ගලයකු වෙත රු. ලක්ෂ 10 ක දීමනාවක් ගෙවීමට නියමිතයි.
මෙම චක්‍ර ලේඛයේ දැක් වෙන්නේ අවමංග්ල්‍ය කටයුතු සඳහා වන රු.50,000 ක අත්තිකාරම් මුදල තවදුරටත් ගෙවිය හැකි අතර එඅය මෙම චක්‍රලේකයේ ඉහත වගුවේ අනු අංක 15 යටතේ හිමිගන්වනු ලබන ජීවිත හානියකදී ගෙවනු ලබන මුදලින් නැවත අඩු නොකලයුතු බවයි.



