කැන්ගරුවන්ට ලකුණු 213ක ඉලක්කයක්

කැන්ගරුවන්ට ලකුණු 213ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 212ක් ලබා ගැනීමට සමත් වුණා.

එහිදී අගනා පිති හරඹයක නිරත වූ David Miller ලකුණු 101ක් ලබා ගත්තා.

කෙසේවෙතත් දකුණු අප්‍රිකාවේ මුල් පෙළේ කඩුලු 4ම ලකුණු 24කට දවා ගැනීමට ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් සමත්වුණා.

පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් Pat Cummins සහ Mitchell Starc කඩුලු 3 බැගින් දවාගත්තා.

ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 213ක්.

Share This