
කඳානේ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මරුට
කඳාන, පොදු වෙළෙඳපොළ ආසන්නයේ අද (03) උදෑසන සිදු වූ වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා
පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් කාර් රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකුට ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් ඇති බවයි
මෙලෙස මිය ගොස් ඇත්තේ 50 හැවිරිදි වියේ පසු වූ කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්
වෙඩි වැදුණු අනෙක් පුද්ගලයා රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්
මෙම වෙඩි තැබීම සඳහා යොදා ගන්නා ලද ගිනි අවිය පිළිබඳ අනාවරණය කරගෙන නොමැති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කඳාන පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා