කර්මාන්තවලට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය රේගුවේ හිරවෙයි

කර්මාන්තවලට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය රේගුවේ හිරවෙයි

අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්ම කර්මාන්තවලට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ද රේගුවෙන් කඩිනමින් නිදහස් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බව කළමනාකාර අධ්‍යක්‍ෂ කුලතුංග රාජපක්‍ෂ මහතා පවසනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

කර්මාන්ත අමාත්‍යාංශය හරහා නව කමිටුවක් පිහිටුවා රටේ කර්මාන්තවලට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය හඳුනා ගත යුතුයි.

ඒවා වරායෙන් කඩිනමින් නිදහස්කර ගැනීමට අවශ්‍ය නිර්දේශය, මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් දැනටමත් පිහිටුවා ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව පවත්වාගෙන යෑමේ කමිටුවක් වෙත ලබාදිය හැකි බවයි කුලතුංග රාජපක්‍ෂ මහතා රජයට යෝජනා කරන්නේ.

අද කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමටවත් ණයවර ලිපියක් විවෘත කර ගැනීමට ඩොලර් නොමැති බව ද වෙනත් අත්‍යවශ්‍ය නොවන නිමි භාණ්ඩ රටින් ගෙන්වීමට වඩා මේ කර්මාන්ත අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට විදේශ විනිමය සැපයීම ඉතා වැදගත් බව ද කුලතුංග රාජපක්‍ෂ මහතා සඳහන් කරනවා.

දැනට මේ දේ කෙරෙන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩවලට පමණයි. ඒ නිසා ඒ දේම කර්මාන්තවලට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය කඩිනමින් නිදහස් කර ගැනීමට ද කරන්න පුළුවන්. කර්මාන්තවලට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද කියල කර්මාන්ත අමාත්‍යාංශය දන්නවා. ඒ නිසා කර්මාන්ත අමාත්‍යාංශය හරහා කමිටුවක් දාලා එය සිදුකළ හැකි බව ද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසනවා.

එසේ නොකළොත් කර්මාන්තවලට වැඩ කරගෙන යෑමට බැරි තත්ත්වයක් උදාවන බව ද කුලතුංග රාජපක්‍ෂ මහතා සඳහන් කරනවා.

Share This