
කහවත්ත තරුණයෙකු දණගස්වා වෙඩි තබා ඝාතනය කිරීමේ සැකකරුවන් 02 ක් දින 7 රදවාගෙන ප්‍රශ්න කරන්න අධිකරණයෙන් අවසර
කහවත්ත ප්‍රදේශයේදී තරුණයෙකු දණගස්වා වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනවලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනාගෙන් දෙදෙනෙකු දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට හෝමාගම වැඩබලන ප්‍රියංකා මද්දුම පටබැඳි මෙනවිය අද (16) අවසර ලබා දුන්නා.
වැඩබලන මහේස්ත්‍රාත් තවදුරටත් නියෝග කළේ අනෙක් සැකකරුවන් දෙදෙනා හෙට (17) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.
එමෙන්ම බන්ධනාගාර ගත කරන ලද සැකකරුවන් දෙදෙනා හෙට (17) දින පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද වැඩබලන මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.