
කළුතර දිස්ත්‍රික්කයේ සංවර්ධනයට ඉදිරි මාස කිහිපය තුළ රුපියල් කෝටි 100 ක්
විමධ්‍යගත අරමුදලින් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් ලක්ෂ 1260 ක් වටිනා ව්‍යාපෘති 84 ක් දිස්ත්‍රික්කය සඳහා යෝජනා වී තිබෙනවා.
කළුතර දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් ඉදිරි මාස කිහිපය තුළ රුපියල් කෝටි 100 ක් වැය කිරීමට වත්මන් රජය කටයුතු කරන බවත් ඉන් කෝටි 20 ක් දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන කටයුතු වැඩිදියුණු කිරීමට වෙන් කර ඇති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඔහු පැවසුවේ මෙවර විමධ්‍යගත අරමුදලින් ඉටු කිරීම සඳහා රුපියල් ලක්ෂ 1260 ක වටිනාකමින් යුතු ව්‍යාපෘති 84 ක් කළුතර දිස්ත්‍රික්කය සඳහා යෝජනා වී ඇති බවයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” තේමාව මුලික කරගත් “පුනරුද යුගයක ඇරඹුම” ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පළමු වැඩ ඇරඹුම සනිටුහන් කරමින්.
රුපියල් මිලියන 21 ක වියදමකින් කුඩා වස්කඩුව, සමගිපුර (නයිදුව) ප්‍රධාන මාර්ගය කාපට් ඇතිරීම වැඩ ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට ඊයේ (21) පැවැත්වුණා.
මාර්ග සංවර්ධන අධිකාරියේ පුර්ණ අධීක්ෂණය යටතේ දීප ව්‍යාප්තව මෙම මාර්ග සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම විශේෂත්වයක්.