ක්‍රිකට් තහනම් කරන්න ICCයෙන් ඉල්ලා තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද?

ක්‍රිකට් තහනම් කරන්න ICCයෙන් ඉල්ලා තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද?

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරටට පැනවූ ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට අදාළ ඉල්ලීම සිදුකර ඇත්තේ ශම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බවට Cricinfo වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

එමෙන්ම ICC මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජිතයින්ට නිරීක්ෂකයෙකු ලෙස සහභාගී වීමට අවසර දී ඇති බැවින් අහමදාබාද්හි පැවැත්වෙන ICC රැස්වීම් සඳහා ශම්මි සිල්වාද සහභාගී වීමට ඉඩ ඇති බවයි එම වෙබ් අඩවිය සඳහන් කරන්නේ.

ඊයේ (10) දින රැස්වීමට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තේරී පත් වූ නියෝජිතයා ලෙස ICC විසින් අඛණ්ඩව පිළිගන්නා බවත් එම වෙඩ් අඩවිය වාර්තා කර තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඊයේ රැස්වූ කමිටු රැස්වීමේදී තීරණය කරනු ලැබුවා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකයෙකු වශයෙන් එහි වගකීම්, විශේෂයෙන්ම එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ රාජ්‍ය පාලනය, නියාමනය සහ පරිපාලනය සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීමක් නොමැති බවට සහතික වීම බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බව පෙන්වාදෙමින්.

කෙසේවෙතත් අත්හිටුවීමේ කොන්දේසි ICC මණ්ඩලය විසින් ඉදිරියේදී තීරණය කර දැනුම්දෙන බවයි ඔවුන් නිකුත්කළ නිවේදනයේ දැක්වුණේ.

Share This