
ක්ලීන් ශ්‍රී ලංකා කොළඹ ඇල මාර්ගවල “Plastic Loop” යෙදීම අරඹයි
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ “PLEASE” ව්‍යාපෘතියේ මූල්‍ය දායකත්වය මත කොළඹ ප්‍රධාන ඇළ මාර්ගවල ප්ලාස්ටික් අපද්‍රව්‍ය රඳවා ගැනීම සඳහා “Plastic Loop” යෙදීමේ නියමු වැඩසටහන අද (07) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නාවල පිහිටි ඇළ මාර්ගය අසලින් ආරම්භ වුණා.
නාගරික ප්‍රදේශවල ජලාපවහන සහ ඇළ මාර්ග පද්ධති හරහා ගංගාවලට සහ පසුව සාගරවලට ප්ලාස්ටික් කාන්දු වීම ප්‍රධාන පාරිසරික ගැටලුවක් බවට පත්ව තිබෙනවා.
කොළඹ කලාපයේ ප්‍රධාන ස්වාධීන ඇල්මාර්ග පද්ධති 14 ක ජාලය සහ අන්තර් සම්බන්ධිත ජල මාර්ග, අධික වර්ෂාපතනය අතරතුර අවහිර වීමට ප්‍රධානතම හේතුව ප්ලාස්ටික් එම ඇළ මාර්ග වෙත මුදා හැරීමයි.
ඊට විසඳුමක් ලෙසයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත්තේ.
මෙම අවස්ථාට නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, පරිසර නියෝජ්‍ය අමාත්‍යා ඇන්ටන් ජයකොඩි, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති අරෝෂ අතපත්තු ඇතුලු පිරිසගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ වුණා.
