කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වීම ගැන සමීක්ෂණයක්

කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වීම ගැන සමීක්ෂණයක්

මේ වසරේ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කොටගෙන මද්‍යසාර හේතුවෙන් කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වීම පිළිබඳ සමීක්ෂණ වාර්තාවක් මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය විසින් ඉදිරිපත් කර තිබෙනවා.

මද්‍යසාර සමාගම්වල උපාය මාර්ග අනාවරණය කරගැනීම සහ අනෙකුත් පුද්ගලයන්ගේ මද්‍යසාර පරිභෝජනය හේතුවෙන් කාන්තාවන්ට මුහුණ දීමට සිදුවී ඇති අහිතකර බලපෑම් විමර්ශනය කිරීමේ අරමුණින් මෙය පළකර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 න් වයස අවුරුදු 15ට වැඩි කාන්තාවන් 1000කින් දත්ත රැස් කිරීමෙන් මෙම සමීක්ෂණය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එම නිවේදනය පහතින්,

Share This