කාන්තා ආධිපත්‍ය රජයන ග්‍රීසියේ අමුතු නගරය

කාන්තා ආධිපත්‍ය රජයන ග්‍රීසියේ අමුතු නගරය

පීතෘ මූලික සමාජ පසුබිමක් ඇති ග්‍රීසියේ කර්පතොස්හ දුපතේ, ඔලිම්පෝස් ගමේ කාන්තාවන් ඔවුන්ගේ පවුල්වල පිරිමි පුද්ගලයන්ට වඩා ආධිපත්‍යක් හොබවන බව හෙළිවී තිබෙනවා.

ග්‍රීසියේ සෙසු ප්‍රදේශවලින් හුදකලා වූ මෙම දර්ශනීය කඳුකර ගම්මානය 16 වන සියවසේ ඔටෝමාන් අධිරාජ්‍යගේ පාලනයෙන් සහ 20 වන ඉතාලි පාලනයෙන් නොනැසී පවතින සියවස් ගණනාවක් පැරණි මෙම සම්ප්‍රදාය තවමත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉතිරිව ඇති සම්ප්‍රදායන් අතර වැඩිමහල් දියණියට මවගේ දේපළ ලබා දෙන බයිසැන්තියානු යුගයේ උරුම ක්‍රමයද තවමත් ක්‍රියාත්මක වන බවයි ඉතිහාසඥ Giorgos Tsampanakis පවසන්නේ.

ග්‍රීක කාන්තාවන් සම්ප්‍රදායිකව විවාහයෙන් පසු තම නව සැමියාගේ නිවසට පැමිණෙන අතර ඔලිම්පෝස්හිදී සැමියා බිරිඳගේ නිවසට පැමිණෙන බව සඳහන්.

බොහෝ කාන්තාවන් තවමත් තමන්ව හඳුන්වන්නේ තම මවගේ වාසගමෙන් මිස තම සැමියාගේ නමින් නොවන බවයි ඉතිහාසඥයින් සඳහන් කරන්නේ.

1950 ගණන්වල ගමේ පිරිමින් රැකියාව සඳහා එක්සත් ජනපදයට සහ යුරෝපීය රටවලට සංක්‍රමණය වූ පසු පවුල්වල ගොවිපලවල් තනිවම කළමනාකරණය කිරීමෙන් ආරම්භ වූ මෙම කාන්තා ආධිපත්‍ය තවදුරටත් ඔලිම්පෝස්හි ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This