
කාන්තා දිනයට සමගාමීව කාන්තා සතියක්
පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනයක් සහිතව සමස්ත ලාංකේය සමාජය ලැබූ ජය ආපසු හැරවීමට ක්‍රියාත්මක කිසිදු ප්රතිගාමී බලවේගයකට ඉඩක් නොතැබිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියමෙනවිය පවසනවා
මාර්තු මස 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා
මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ වැඩිම මන්ත්‍රීවරියන් සංඛ්‍යාව 13ක් බවත් මෙවර එම ගණන 22ක් බවට පත්කිරීමට හැකිවීම සමස්ත ශ්‍රී ලාංකේය ප්‍රජාවම ලැබූ ජයග්‍රණයක් බවත් අග්‍රාමාත්‍යවරිය එහිදී සඳහන් කළා.
එමෙන්ම කාන්තාවන්ට දේශපාලනය, පරිපාලනය සිදු කළ නොහැකි බවට පැවති මත වැරදි බව තහවුරු වී ඇති බවත් මෙහිදී ඇය පෙන්වා දුන්නා
මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවේ මෙවර කාන්තා දිනයට සමගාමීව කාන්තා සතියක් ප්‍රකාශයට පත්කර ඇති බවයි
ඒ අනුව මෙතෙක් දේශපාලනය තුළ කරලියට නොපැමිණි විශාල පිරිසකගේ හඩ මෙවර පාර්ලිමේන්තුවෙන් නියෝජනය වන බවත් එය ගාමක බලයක් ලෙස මෙරට ඉදිරි සංවර්ධනය වෙනුවෙන් යොදා ගැනීම අරමුණ බවත් ඇය පැවසුවා .