කාන්තා යුරෝ 2025 සුදුසුකම් ලැබීමේ තරග අප්‍රේල් මාසයේ

කාන්තා යුරෝ 2025 සුදුසුකම් ලැබීමේ තරග අප්‍රේල් මාසයේ

කාන්තා යුරෝ 2025 සුදුසුකම් ලැබීමේ A3 කාණ්ඩයෙන් අයර්ලන්තය ජනරජය, ප්‍රංශය සහ ස්වීඩනය සමගින් එංගලන්තය තරගකාරී කාණ්ඩයකට වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

B2 කාණ්ඩයෙන් ස්කොට්ලන්තය සර්බියාව, ස්ලෝවැකියාව සහ ඊශ්‍රායලය සමගින් තරග වදින අතර උතුරු අයර්ලන්තය B3 කාණ්ඩයෙන් පෘතුගාලය, Bosnia-Herzegovina සහ Malta සමගින් තරග කිරීමට නියමිතයි.

වේල්සය B4 කාණ්ඩයේ ක්‍රොඒෂියාව, යුක්‍රේනය සහ කොසෝවෝ සමග තරග කරනු ලබනවා.

සුදුසුකම් ලැබීමේ තරග අප්‍රේල් සහ ජූලි අතර පැවැත්වෙන අතර තරගාවලිය 2025 ජූලි මාසයේදී ස්විට්සර්ලන්තයේදී පැවැත්වීමට නියමිතයි.

ප්‍රංශය, එංගලන්තය සහ ස්වීඩනය Fifa ශ්‍රේණිගත කිරීම්වල පිළිවෙළින් තෙවැනි, සිවුවැනි සහ පස්වැනි ස්ථානවල පසුවන අතර අයර්ලන්ත ජනරජය 24 වැනි ස්ථානයේ පසුවනවා.

එංගලන්තය 2022 දී ස්වීඩනය 4-0කින් පරාජය කළා.

යුරෝ 2022 වෙම්බ්ලි හිදී අවසන් මහා තරගයේදී එංගලන්තය හමුවේ පරාජය වූ ජර්මනිය ඔස්ට්‍රියාව, අයිස්ලන්තය සහ පෝලන්තය සමග තරග වදින බව සඳහන්.

සත්කාරක රට ලෙස ස්වයංක්‍රීයව සුදුසුකම් ලබා තිබියදීත් සහභාගී වන ස්විට්සර්ලන්ත කණ්ඩායම හංගේරියාව, තුර්කිය සහ අසර්බයිජානයට එරෙහිව ලකුණු ලබා ඇත.

ලීග් A කාණ්ඩයේ පළමු කණ්ඩායම් දෙක නිතරගයෙන් සුදුසුකම් ලබන අතර අනෙක් කණ්ඩායම් දෙක play-offs වටයට පිවිසෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

 

Share This