
Colombo Strikers පරදා Dambulla Aura ජය ගනියි
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද (05) පැවති අටවන තරගයේ ජය වාර්තා කිරීමට Dambulla Aura කණ්ඩායම සමත් වුණා.
ඒ ලකුණු 10කින්.
පළමුව පන්දුවට පහර දුන් Dambulla Aura කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 192ක් ලබා ගත්තා.
ඒ අනුව Colombo Strikers කණ්ඩායමට ලකුණු 193ක ඉලක්කයක් හිමි වූ අතර ඔවුන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 182ක් පමණයි.
එහිදී Colombo Strikers කණ්ඩායමේ නවනිඳු ප්‍රනාන්දු ලකුණු 56ක් සහ බාබර් අසාම් ලකුණු 41ක් ලබා ගත්තා.
ඒ අනුව තරගයේ ජය වාර්තා කිරීමට Dambulla Aura කණ්ඩායම සමත් වුණා.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 9 වන තරගය අද රාත්‍රි 07.30ට පැවැත්වීමට නියමිතයි.
ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායම සහ B-Love Kandy එම තරගයේ ක්‍රීඩා කරනු ඇති.
තරග පැවැත්වෙන්නේ මහනුවර – පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී යි.
එමෙන්ම මෙම සියලු තරග SBC නාලිකාව හරහා සජීවීව නැරඹීමේ හැකියාව පවතින අතර තමිල් Fm හරහා තරගාවලියට සජීවීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.
එසේම මෙම තරග ස්වර්ණවාහිනී ඔස්සේ ද නැරඹීමට හැකියි.
Dambulla Aura සහ Colombo Strikers කණ්ඩායම් අතර පැවති තරගයේ ලකුණු සටහන පහතින්.

……………………………
Update – 2023.08.05 – 16.55pm
Colombo Strikers කණ්ඩායමට ලකුණු 193ක ඉලක්කයක්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අටවන තරගයේ පළමුව පන්දුවට පහර දුන් Dambulla Aura කණ්ඩායම ලකුණු 192ක් ලබා ගත්තා.
ඒ අනුව Colombo Strikers කණ්ඩායමට ලකුණු 193ක ඉලක්කයක් හිමිවනු ඇති.
Dambulla Aura කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 192ක් ලබා ගත්තා.
අගනා පිති හරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් ලකුණු 87ක් සධීර සමරවික්‍රම ලකුණු 59ක් ලබා ගැනීමට සමත් වුණා.
Colombo Strikers කණ්ඩායමේ මතීෂ පතිරණ කඩුලු 3ක් සහ Naseem Shah කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.
තරගය පැවැත්වෙන්නේ, මහනුවර පල්ලේකැලේ ක්රීඩාංගණයේදීයි.
එමෙන්ම මෙම සියලු තරග SBC නාලිකාව හරහා සජීවීව නැරඹීමේ හැකියාව පවතින අතර තමිල් Fm හරහා තරගාවලියට සජීවීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.
……………………………
Update – 2023.08.05 – 14.42pm
කාසියේ වාසිය Colombo Strikers කණ්ඩායමට
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අටවන තරගයේ කාසියේ වාසිය Colombo Strikers කණ්ඩායමට හිමිවුණා.
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
තරගය තව සුලු මොහොතකින් ආරම්භ වනු ඇති.
අද(05) තරගය පැවැත්වෙන්නේ Colombo Strikers කණ්ඩායම සහ Dambulla Aura කණ්ඩායම අතරයි.
මේ අතර ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායම සහ B-Love Kandy කණ්ඩායම අතර තරගය අද රාත්‍රි 07.30ට ආරම්භ වනවා.
මෙම තරග පැවැත්වෙන්නේ මහනුවර පල්ලේකැලේ ක්රීඩාංගණයේදීයි.
එසේම ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සියලු තරග SBC නාලිකාව හරහා සජීවීව නැරඹීමේ හැකියාව පවතින අතර Tamil Fm හරහා තරගාවලියට සජීවීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.
මීට අමතරව සති අන්තයේ තරග ස්වර්ණවාහිනී ඔස්සේ ද නැරඹීමට හැකියි.
