
කාසියේ වාසිය දිනු Colombo Strikers පන්දුවට පහරදීමට Lyca’s Jaffna Kingsට ආරාධනා කරයි
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය Colombo Strikers කණ්ඩායමට හිමි වුණා.
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
Lyca’s Jaffna Kings එම තීරණයට අනුව පන්දුවට පහරදෙනු ඇති.
තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දීයි.
තවත් සුළු මොහොතකින් තරගය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
එසේම සියලු තරග SBC නාලිකාව හරහා සජීව නැරඹීමේ හැකියාව පවතින අතර Tamil Fm හරහා තරගාවලියට සජීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.
මීට අමතරව සති අන්තයේ තරග ස්වර්ණවාහිනී ඔස්සේ ද නැරඹීමට හැකියි.
