
කාසියේ වාසිය දිනු ලංකාව පළමුව පන්දුවට පහර දෙයි
ශ්රී ලංකා – පාකිස්ථාන 02 වන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
තරගය පැවැත්වෙන්නේ කොළඹ එස්.එස්.සී. ක්රීඩාංගණයේදීයි.
පළමු තරගයේ ජය හිමි වූයේ පාකිස්ථාන කණ්ඩායමටයි.
අද තරගයේ මේ වනවිට පන්දුවට පහර දෙමින් සිටින ශ්රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර පන්දු වාර 02ක් අවසානයේ ලකුණු 09ක් ලබා සිටියා.
ඒ කිසිඳු කඩුල්ලක් නොදැවී.
