කොළඹ හමුවේ නුවර පරදී

කොළඹ හමුවේ නුවර පරදී

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තුන්වන තරගයේ ජය වාර්තා කිරීමට Colombo Strikers කණ්ඩායම සමත් වුණා.

ඒ ලකුණු 27 කින්.

ලකුණු 158ක ඉලක්කයක් හඹා ගිය B-Love Kandy කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ ලබා ගත හැකි වූයේ ලකුණු 130 ක් පමණයි.

ඒ කඩුලු 08ක් අහිමි කරගනිමින්.

අගනා පන්දු යැවීමක නිරත වූ Matheesha Pathirana කඩුලු 03ක් බිඳ දැමුවා.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් Colombo Strikers කණ්ඩායම ලකුණු 157ක් රැස් කළා.

ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 අහිමි කරගනිමින්.

මේ අතර හෙට(01) තවත් තරගයක් පස්වරු 03ට Jaffna Kings  සහ Dambulla Aura කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම තවත් තරගයක් පස්වරු 07.30 Galle Titans සහ B-Love Kandy කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි

එසේම මෙම සියලු තරග SBC නාලිකාව හරහා සජීව නැරඹීමේ හැකියාව පවතින අතර Tamil Fm හරහා තරගාවලියට සජීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.

මීට අමතරව සති අන්තයේ තරග සහ සතියේ දිනවල සන්ධ්‍යා කාලයේ පැවැත්වෙන තරග ස්වර්ණවාහිනී ඔස්සේ ද නැරඹීමට හැකියි.

B-Love Kandy සහ Colombo Strikers කණ්ඩායම් අතර පැවති තරගයේ ලකුණු සටහන පහතින්.

…………………………………

Update – 2023.07.31 – 09.24pm

කොළඹින් නුවරට 158ක ඉලක්කයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තුන්වන තරයේ පළමුව පන්දුවට පහර දුන් Colombo Strikers කණ්ඩායම ලකුණු 157ක් රැස් කළා.

ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු කඩුලු 6ක් අහිමි කරගනිමින්.

ඒ අනුව B-LOVE Kandy කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 158ක්

Colombo Strikers කණ්ඩායම අද තරගයේ කාසියේ වාසිය දිනා ගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

Babar Azam  පන්දු 52 කදි ලකුණු 59යි.

ඉසුරු උදාන කඩුලු 03 ක් දවා ගත් අතර Mohammad Hasnain කඩුලු 02  දවා ගැනීමට සමත් වුණා

මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සියලු තරග SBC නාලිකාව හරහා සජීව නැරඹීමේ හැකියාව පවතින අතර Tamil Fm හරහා තරගාවලියට සජීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.

මීට අමතරව සති අන්තයේ තරග සහ සතියේ දිනවල සන්ධ්‍යා කාලයේ පැවැත්වෙන තරග ස්වර්ණවාහිනී ඔස්සේ ද නැරඹීමට හැකියි.

 

…………………………………

Update – 2023.07.31 – 07.30pm

කාසියේ වාසිය දිනූ Colombo Strikers පළමුවෙන් පන්දුවට පහර දෙයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තුන්වන තරගය තවත් සුලු මොහොතින් ආරම්භ වීමට නියමිතයි.

එය පැවැත්වෙන්නේ B-LOVE Kandy සහ Colombo Strikers කණ්ඩායම් දෙක අතරයි.

Colombo Strikers කණ්ඩායම අද තරගයේ කාසියේ වාසිය දිනා ගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ

එමෙන්ම සියලු තරග SBC නාලිකාව හරහා සජීව නැරඹීමේ හැකියාව පවතින අතර Tamil Fm හරහා තරගාවලියට සජීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.

මීට අමතරව සති අන්තයේ තරග සහ සතියේ දිනවල සන්ධ්‍යා කාලයේ පැවැත්වෙන තරග ස්වර්ණවාහිනී ඔස්සේ ද නැරඹීමට හැකියි.

Share This