
කාසියේ වාසිය දිනූ Lyca’s Jaffna Kings පළමුව පන්දුවට පහර දෙයි
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හතරවන තරගයේ කාසියේ වාසිය Lyca’s Jaffna Kings කණ්ඩායමට හිමි වුණා.
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.
අද(01) තරගය පැවැත්වෙන්නේ Dambulla Aura සමගයි.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පසුගිය 30වනදා පැවති පළමු තරගයේ ජය වාර්තා කිරීමට ද සමත් වුණේ ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායම වීම විශේෂත්වයක්.
එහිදී Colombo Strikers කණ්ඩායම ලකුණු 21 කින් පරාජයට පත්වුණා.
මේ අතර, මෙම සියලු තරග SBC නාලිකාව හරහා සජීව නැරඹීමේ හැකියාව පවතින අතර Tamil Fm හරහා තරගාවලියට සජීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.
මීට අමතරව සති අන්තයේ තරග සහ සතියේ දිනවල සන්ධ්‍යා කාලයේ පැවැත්වෙන තරග ස්වර්ණවාහිනී ඔස්සේ ද නැරඹීමට හැකියි.
