
කොළඹට ලකුණු 189ක ඉලක්කයක් (Update – 01)
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දහවන තරගයේ පළමුව පන්දුවට පහර දුන් Galle Titans කණ්ඩායම ලකුණු 188ක් රැස් කළා.
ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී සිටියදීයි.
තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ Colombo Strikers කණ්ඩායම වන අතර ඔවුන් පළමුව පන්දු යැවීම තෝරාගත්තා.
ඒ අනුව Colombo කණ්ඩායමට ලකුණු 189ක ඉලක්කයක් හිමිවනු ඇති.
තරගය පැවැත්වෙන්නේ, මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදීයි.
එමෙන්ම මෙම සියලු තරග SBC නාලිකාව හරහා සජීවීව නැරඹීමේ හැකියාව පවතින අතර තමිල් Fm හරහා තරගාවලියට සජීවීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.
මෙම තරගයේ ලකුණු සටහන පහතින්.

……………………………………………………………
Aug 7, 2023 at 15:00
කාසියේ වාසිය දිනූ කොළඹ පන්දුව අතට ගනී
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දහවන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Colombo Strikers කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
Galle Titans කණ්ඩායම සමගයි ඔවුන් මෙහිදී තරගවදින්නේ.
තරගය, මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර තවත් සුලු මොහොතකින් එය ආරම්භ වනු ඇති.
මෙම සියලු තරග SBC නාලිකාව හරහා සජීව නැරඹීමේ හැකියාව පවතින අතර තමිල් Fm හරහා තරගාවලියට සජීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.
