කැනඩාවේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ලාංකිකයන්ගේ අවසන් කටයුතු අද (VIDEO)

කැනඩාවේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ලාංකිකයන්ගේ අවසන් කටයුතු අද (VIDEO)

කැනඩාවේ, ඔටාවා හි අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ලාංකිකයන්ගේ අවමංගල්‍ය උත්සවය අද(17) පස්වරු 01ට ඔටාවා ග්‍රිබ්ෆෝඩ් ඩ්‍රයිව් හි ඉන්ෆිනිටි සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කැනඩාවේ බෞද්ධ සම්මේලනය (BCC) සහ ස්වේච්ඡා සේවකයන්ගේ සංවිධායක කමිටුව විසින් ප්‍රවෘත්ති නිවේදනයක් මගින් මෙම අවමංගල්‍ය උත්සවය නිවේදනය කළා.

මෙම ඝාතනය සිදුවූ පවුලේ ජීවත්ව සිටින පියා වෙන ධනුෂ්ක වික්‍රමසිංහ ශාරීරිකව සුවය ලබමින් සිටියත් මානසිකව බරපතල බිඳවැටීමක සිටින අතර අවසන් කටයුතු සඳහා ඔහුද සහභාගීවීමට නියමිතයි.

Share This