කැනේඩියානු අගමැති ඉන්දියාව සමග සමීප සබඳතා ගොඩනඟා ගත යුතු බව කියයි

කැනේඩියානු අගමැති ඉන්දියාව සමග සමීප සබඳතා ගොඩනඟා ගත යුතු බව කියයි

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ අඛණ්ඩ රාජ්‍යතාන්ත්‍රික ගැටුමක් තිබියදීත් ඉන්දියාව සමග සමීප සබඳතා ගොඩනඟා ගැනීමට තම රට බැරෑරුම් ලෙස කටයුතු කරන බව පවසා තිබෙනවා

කැනේඩියානු භූමියේදී සික් නායක Hardeep Singh Nijjar ඝාතනය කිරීම පිටුපස ඉන්දීය රජය සිටිය හැකි බවට විශ්වාස කිරීමට විශ්වසනීය හේතු ඇති බව අගමැති ජස්ටින් ටෘඩෝ මීට පෙර පවසා සිටියා

එම චෝදනාවෙන් පසුව දෙරට අතර උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර කැනේඩියානුවන් සඳහා වීසා බලපත්‍ර ලබාදීමද ඉන්දියාවෙන් අත්හිටුවනු ලැබුවා

කෙසේවෙතත් ඊයේ (28) දිනයේ කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉන්දියාව සමග සම්බන්ධ වීම අතිශයින්ම වැදගත් බවයි.

නමුත් මිනීමැරුම් විමර්ශනය දිගටම කරගෙන යන බවද ඔහු සඳහන් කර තිබෙනවා

එමෙන්ම බටහිර රටවල සීක් බෙදුම්වාදීන් කලීස්තානය හෝ වෙනම සික් ජාතිකයින්ගේ නිජබිමක් සඳහා කරන ඉල්ලීම් සම්බන්ධයෙන් ඉන්දීය රජය දැඩි ප්‍රතිචාර දක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය මීට පෙරද වාර්තා කර සිටියේ

ඉන්දියාව Hardeep Singh Nijjar ත්‍රස්තවාදියෙකු ලෙස නම් කළද, ඔහුගේ ආධාරකරුවන් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබෙනවා

මේ අතර එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව පරීක්ෂණයට සහයෝගයෙන් කටයුතු කරන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා ඇති බවද සඳහන්

 

Share This