කැලණි ගඟේ පහත් බිම්වලට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත්

කැලණි ගඟේ පහත් බිම්වලට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත්

කැලණි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමද ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කෙරෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැලණි ගංලා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙන්නේ.

Share This