
කිරින්දෙන් මුහුදු ගිය ධීවරයින් 3 ක් අතුරුදන්
මීට දින තුනකට පෙර කිරින්ද ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්රාවක් ධීවරයින් තිදෙනෙකු සමඟ අතුරුදන්ව තිබෙනවා.
ඔවුන්ගේ පවුලේ ඥාතීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අතුරුදන් පුද්ගලයින් සොයා දීමට මැදිහත් වන ලෙසයි.
එක්දින ධීවර යාත්රාවකින් මුහුදු ගිය මොවුන් තිදෙනා අතුරුදන්ව ඇත්තේ පසුගිය 16 වැනිදා සිටයි.
නයිල් මැරින් නම් මෙම යාත්රාව පිටත් වීමට පෙර කිරින්ද නාවික හමුදා වෙරළ ආරක්ෂක කඳවුරේ නිල සටහනක් ද තබා තිබෙනවා.
මෙලෙස අතුරුදන්වී ඇත්තේ 25 හැවිරිදි ආර්.ඒ. ජනක ලක්ෂාන්, 28 හැවිරිදි සමීදීන් සහ 32 හැවිරිදි එම්.එම්. සෆ්රාස් යන ධීවරයින් තිදෙනායි.