
කුඹුරේ පැල් රැකීමට ගිය ප්‍රාදේශීය සභා සභාපති, අවසන් සුසුම් හෙළයි
ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංග ධර්මදාස මහතා ඊයේ රාත්‍රියේ සිය කුඹුරේ පැල් රකිමින් සිටියදී ඇතිවූ හදීසි අසනීප තත්ත්වයකින් පසු ජීවිතක්ශයට පත්ව තිබෙනවා.
රංග ධර්මදාස මහතා ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් මියගොස් සිට ඇති බව රෝහලේ වෛද්‍යවරුන් තහවුරු කළ බවයි ගෝමරන්කඩවල පොලිසිය පවසන්නේ.
තම ජීවිකාව ගොවිතැන කරගෙන ජීවත් වූ රංග ධර්මදාස මහතා මියයන විට 34 වැනි වියේ පසුවුණා.
සුපුරුදු ලෙසම ඊයේ (20) රාත්‍රියේද ඔහු කුඹුරේ පැල් රැකීමට ගොස් තිබෙන බවයි ඔහුගේ මව සඳහන් කළේ.
අද පාන්දර දුරකතනයෙන් ඇමතුවද ප්‍රතිචාරයක් නොමැතිවීම නිසා සොයා බැලිමේදී අසනීප තත්වයකින් පසුවන බව දැනගෙන තිබෙනවා. ඒ අනුව කඩිනමින් ධර්මදාස මහතාව ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
රජරට විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධරයෙක් වන රංග ධර්මදාස මහතා අවිවාහකයෙක් වන අතර මෙවර පළාත් පාලන මැතිවරණයට ජාතික ජනබල වේගයෙන් ගල්කඩවල කොට්ඨාසයට තරඟකර ජයග්‍රහණය ලබා ප්‍රාදේශීය සභාවට තේරීපත්ව තිබෙනවා.
