
කුෂ් ගෙනත් රිමාන්ඩ් වුණ බ්‍රිතාන්‍ය තරුණියට වීඩියෝ කෝල් ගන්න ගිය නීතිඥයාට විනිසුරු තහනමක්
මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි තරුණ නීතිඥවරයකු විසින් අධිකරණ සිරමැදිරියේ සිටි සිය විදෙස් ජාතික සේවාදායකයා හට විඩියෝ දුරකථන ඇමතුමක් ලබා දීමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් ඒ පිළිබඳව අතිරේක මහේස්ත්‍රාත්වරියට කරුණු වාර්තා කළා.
එහීදි මහෙස්ත්‍රාත්වරිය එකී වරද සිදුකළ නීතිඥවරයාට දැඩිව අවවාද කොට මුදාහැරි අතර මින්මතු එම නඩුවට පෙනී සිටිම සහ එම නඩුව අවස්ථාවේ දී අධිකරණයට පැමිණිම ද තහනම් කරමින් නියෝගයක් නිකුත් කළා.
ශ්‍රී ලංකා ගුවන් තොටුපොළේදී රේගු ඉතිහාසයේ ගුවන් තොටුපොළකදී අත්අඩංගුවට ගත් විශාලතම කුෂ් තොගය වන කිලෝ 46 යි ග්රැම් 60ක් සමග අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතික ගුවන් සේවිකාවක වන 21 හැවිරිදි චාලට් මේ ලී නම් කාන්තාව සැකකරුවකු ලෙස නම් කර ඇති නඩුව අද (20) කැඳවනු ලැබු අවස්ථාවේදී එම සිද්ධිය මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ශලා අංක 02 තුළදී සිදුව තිබෙනවා.
නීතිඥවරයා පැමිණ සිර මැදිරියේ සිටි සේවාදායිකාව සමග කතා කිරීමට බන්ධනාගාර නිලධාරීන්ගෙන් අවසර ඉල්ලා ඇති අතර ඒ පිළිබඳව අවධානයෙන් සිටි නිලධාරීන්ට දැක ගත හැකිව ඇත්තේ එම නීතිඥවරයා තම දුරකථනය ගෙන එය ක්‍රියාත්මක කර කෝට් සාක්කුවේ දමා ගන්නා අයුරුයි.
සිරමැදිරිය තුළ සිටින සේවාදායිකාවට ඉතා ලංවී කතා කරන අයුරු දුටු බන්ධනාගාර නිලධාරීන් ඒ පිළිබඳව සොයා බැලීමේදී දුරකථන ඇමතුමක් ගන්නා බව තහවුරු විමෙන් පසු එම නිලධාරීන් අදාල දුරකථනය තමන් භාරයට ගෙන නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරිය වෙත එය ඉදිරිපත් කරමින් කරුණු වාර්තා කර තිබෙනවා.
එහිදි කරුණු දැක්වූ බන්ධනාගාර නිලධාරිවරයා පවසා ඇත්තේ මෙසේයි.
ක් ගරු මැතිණියනි, මේ,නීතිඥවරයා සිරමැදිරියේ සිටින සැකකාර එංගලන්තය ජාතික කාන්තාවට කතා කිරිමට අවශ්‍ය බව පවසා එතැනට ගියා.
අපි අවධානයෙන් හිටියේ. දුරකථනය අරන් කෝට් එකේ උඩ සාක්කුවේ දාගෙන යමක් කරන බව වැටහුනා.
අපි ක්‍රියාත්මක වෙලා දුරකථනය ගත්තා.
ගරු මැතිණියනි මිට පෙරත් එම සැකකාරිය බලන්න බන්ධනාගාරයට පැමිණි පුද්ගලයකු බොත්තමක් වැනි කැමරාවක් මගින් විඩියෝ කරලා බන්ධනාගාරය ගැන විඩියෝ පටයක් ලොවපුරා බේදා හැරියා.
මේකත් ඒ වගේ එකක් මාධ්‍යට ගියා නං අපේ රැකියාවත් ඉවරයි.
ගරු මැතියනි මේ පිළිබඳව සුලුවෙන් නොතකා සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. ඡන්ද දෙකෙන් දිනූ බස්නායක නිළමේකම
ඉන් අනතුරුව එකී ජංගම දුරකථනය මහෙස්ත්‍රාත්වරිය වෙත බන්ධනාගාර නිලධාරීවරයා ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී නිදහසට කරුණු දක්වමින් එකි නීතිඥවරයා සඳහන් කළේ ඇගේ මව අසනීපයෙන් පසුවන නිසා ඇගේ ඉල්ලිම අනුව ඇමතුමක් ගෙන දුන් බවයි.
එය නොදැනුවත්ව වු වරදක් බැවින් සමාව දෙන ලෙස නීතිඥවරයා පවසා තිනුණා.
එහිදි ඊට විරුද්ධත්වය පෑ බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන්නේ එම සැකකාරියට දින 14 කට වරක් ඇගේ රටට විඩියෝ ඇමතුම් ලබා ගැනීමට කටයුතු සලසා දෙන බවයි.
එසේ තිබියදි මේ අකාරයෙන් හැසිරිම නීතිඥවරයකුට සුදුසු නොවන බව බන්ධනාගාර නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.
එම අවස්ථාවේ මහෙස්ත්‍රාත්වරිය නීතිඥවරයාට අවවාදකරමින් සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කළහොත් ඔහුගේ නීතිඥභාවය අහෝසි විය හැකි බවයි.
නීතිඥවරුන්ට අධිකරණය තුළට ජංගම දුරකථනය ගෙන ඒමට අවසර දී ඇත්තේ රාජකාරි කටයුතුවලට මිසක මෙවැනි විශමාචාර ක්‍රියා වලට නොවන බව මහෙස්ත්‍රාත්වරිය අවධාරණය කර තිබෙනවා.
එමෙන්ම මේ පළමු අවස්ථාව බැවින් ඒ සඳහා සමාව දෙන බවත් නමුත් මින් ඉදිරියට මෙි නඩුවට පෙනී සිටිම තහනම් කරන බවත්, මෙම නඩුව අධිකරණය තුළ පැවැත්වෙන අවස්ථාවේදී අධිකරණයට නොපැමිෆ්ණ්න ලෙසත් නියෝග කර දුරකථනය ආපසු ලබා දීමට කටයුතු කළා.
එහිදි සැකකාර එංගලන්තය ජාතික කාන්තාව තවදුරටත් සැප්තැම්බර් 03 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මිගමුව අතිරේක මහේස්ත්‍රාත් දර්ෂිමා ප්‍රේමරත්න මහත්මිය නියෝග කළා.
මේ වන තුරු අදාල තරුණියගේ පවුලේ කිසිවෙකු මෙරටට නොපැමිණීම සහ අධිකරණයට ඥාතීන් කිසිවෙකු නොපැමිණීම විශේෂත්වයක්.
දකුණු ලන්ඩනයේ සිට පැමිණි 21 හැවිරිදි චාලට් මේ ලී මෙරට තුළට නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ බවට රේගු නිලධාරීන් චෝදනා කරමින් මත්ද්‍රව්‍ය මලු සමඟ ඉකුත් මැයි 13 වැනිදා ශ්‍රී ලංකා රේගුව මගින් අත්අඩංගුවට ගත්තා.
හිටපු ගුවන් සේවිකාවක වන ඇය සඳහන් කළේ ඇගේ ගමන් මලුවල මත්ද්‍රව්‍ය ඇති බව දැන සිටීම ප්‍රතික්ෂේප කරන බව හා ඒවා කිසිවකු එහි තැන්පත් කර ඇති බවයි.
මේ වන විට ඇය දින 90ක අධික කාලයක් බන්ධනාගාරගතව සිටිනවා.
එහිදි ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා සඳහන් කළේ ඇය වෙනුවෙන් ඇප අයැදුම්පතක් මිගමුව මහාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවයි.