කුෂ් සමඟ කටුනායකදී ඇල්ලූ තායි ජාතිකයා

කුෂ් සමඟ කටුනායකදී ඇල්ලූ තායි ජාතිකයා

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට ඇතුළුවීමට තැත් කළ විදේශික ගුවන් මගියෙක් අද (05) අලුයම කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයට අනුයුක්ත නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්.

34 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු තායිලන්තයේ බැංකොක් සිට මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු සන්තකයේ තිබූ ගමන් මලු තුළ ආහාර අඩංගු පැකට් තුළ තිබී මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05යි ග්‍රෑම් 200ක් සොයා ගෙන තිබෙනවා.

මෙම කුෂ් තොගයේ වටිනාකම රුපියල් මිලියන 52 ක් පමණ වන බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා සැකකරුව කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදී තිබෙනවා.

 

Share This