කෙන්යාවේ ප්‍රධාන නගරවලට ආරක්ෂක නිලධාරීන් කැඳවයි – ජීවන වියදමට එරෙහිව විරෝධතා තවදුරටත්

කෙන්යාවේ ප්‍රධාන නගරවලට ආරක්ෂක නිලධාරීන් කැඳවයි – ජීවන වියදමට එරෙහිව විරෝධතා තවදුරටත්

විපක්ෂය විසින් සංවිධානය කරන ලද ජීවන වියදමට එරෙහිව විරෝධතා යළි ආරම්භ වීම මධ්‍යයේ කෙන්යානු බලධාරීන් ප්‍රධාන නගරවලට ආරක්ෂක නිලධාරීන් කැඳවා තිබෙනවා

විරෝධතා පෙළපාලි ආරම්භවීමෙන් පසු නයිරෝබි අගනුවර පොලිසිය විසින් විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙන බවද සඳහන්

බොහෝ වෙළඳසැල් වසා ඇති අතර විරෝධතා ප්‍රචණ්ඩ වනු ඇතැයි අපේක්ෂාවෙන් එරට රජය අගනුවර සහ වෙරළබඩ නගරයක් වන මොම්බාසා හි පාසල් වසා දමා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

පෙළපාලිකරුවන් අගනුවර සහ රටේ ප්‍රදේශ කිහිපයකම මාර්ග අවහිර කර තිබෙනවා

පසුගිය මාසයේ සම්මත කරන ලද බදු වැඩිකිරීම් සම්බන්ධයෙන් ජනතාවගෙන් නැගී එන කෝපය මධ්‍යයේ කෙන්යාවේ විපක්ෂය විරෝධතා කැඳවා තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

පසුගිය වසරේ මැතිවරණ ව්‍යාපාරයේදී ජනාධිපති විලියම් රූටෝ දුප්පතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින බවට පොරොන්දු වූ නමුත් බලයට පත් වූ දා සිට, ඔහුගේ රජය බදු ඉහළ නංවන අතරම, මිල ගණන්ද අඛණ්ඩව ඉහළ දමා තිබෙනවා

 

Share This