
කේරල ගංජා තොගයක් අත්අඩංගුවට
වැල්වැටිතුරය තික්කම් වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස මෙරටට ප්රවාහනය කළ රුපියල් මිලියන 13.5 ක් පමණ වටිනා කේරල ගංජා කිලෝග්රෑම් 70 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යාපනය යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත වැල්වැටිතුරය පොලිසිය සමඟ එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙම කේරල ගංජා තොගය අත්අඩංගුවට ගත් බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු වැල්වැටිතුරය පොලිසිය සිදුකරන බවයි වාර්තා වන්නේ.