කේරළ ප්‍රාන්තයේ බෝම්බ පිපිරීමක් – දෙදෙනෙකු මරුට

කේරළ ප්‍රාන්තයේ බෝම්බ පිපිරීමක් – දෙදෙනෙකු මරුට

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොචි (Kochi) වරාය නගරයට නුදුරින් කලමස්සේරි (Kalamassery) හි සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයක සිදු වූ බෝම්බ පිපිරීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ප්‍රහාරයෙන් 36 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර 17 දෙනෙකු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

පිපිරීම සිදු වන අවස්ථාවේ එහි 2000කට ආසන්න පිරිසක් රැස් වී සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

එමෙන්ම සිද්ධියේ වගකීම භාර ගනිමින් පුද්ගලයෙක් ත්‍රිසූර් දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයකට භාර වී තිබෙනවා

Share This