කේරළයේ සිට “සිකා” ලංකාවට ඇතුළුවීමේ අවදානමක් -මෙරට ළමා රෝග විශේෂඥයෙක්ගෙන් හෙළිදරව්වක්

කේරළයේ සිට “සිකා” ලංකාවට ඇතුළුවීමේ අවදානමක් -මෙරට ළමා රෝග විශේෂඥයෙක්ගෙන් හෙළිදරව්වක්

අසල්වැසි ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සීඝ්‍රයෙන් පැතිර පවත්නා ‘සිකා’ වෛරසය ශ්‍රී ලංකාවට ඇතුළුවීම වළක්වා ගැනීමට ගත යුතු සියලු පියවර ගැනීමට බලධාරීන් විසින් දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇතැයි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අවධාරණය කරනවා.

ඩෙංගු හා සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන මදුරුවන්ගෙන් වැලඳෙන මෙම ‘සිකා’ වෛරසය අධි වසංගත තත්ත්වයක් පෙන්නුම් කරන අතර, එම භයානක වෛරසයට ප්‍රතිශක්තිකරණයක් මෙන්ම ප්‍රතිකාරත් නැතැයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරනවා

මෙම වසංගත රෝගය අසල්වැසි ඉන්දියාවේ පැතිර පවත්නා බැවින්, කේරළ ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අය සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් සිටීම ඉතාමත් වැදගත් වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

විශේෂයෙන් ගර්භණී මවුවරුන්ව මෙම වෛරසය වැලඳීමෙන් ආරක්ෂා කර නොගතහොත්, ලැබෙන දරුවන්ගේ මොළය කුඩා වීමෙන් විකෘති තත්ත්වයක් නිර්මාණය වී ජීවිත අවදානමක් ඇතිවීම නොවැළැක්විය හැකි බවද වෛද්‍යවරයා අනතුරු ඇඟවීමක් කරනවා

මෙහිදී ඩෙංගු රෝගය වැලඳුණු අයට මෙන්, උණ, ඇස් රතුවීම, ඇඟේ රතු ලප ඇතිවීම, හන්දිපත් රුදාව ඇතිවී ඩෙංගු රක්තපාත තත්ත්වයකට යෑමේ ඉඩකඩක් පවතින බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරනවා

උගන්ඩාවේ වනාන්තර පෙදෙස්වල වඳුරන්ට මුලින්ම වැලඳුණු මෙම වෛරසය , දකුණු ඇමෙරිකාව, බ්‍රසීලයේ හා ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක පැතිරගිය බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ

මෙම රෝග ලක්ෂණ යම් හෙයකින් පෙන්නුම් කරන්නේ නම්, ඇන්ටිජන් පරීක්ෂණයකට භාජන වී, අනතුරුව පී.සී.ආර්. පරීක්ෂණයකටද පෙනී සිටිය යුතු බවත්, දින 6-7ක කාලයක් විවේකීය සිට ඇන්ටි බොඩි පරීක්ෂණයකට යොමුවිය යුතු බවද පවසනවා .

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

Share This