කොරියාවේ රැකියා බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයින්ට පණිවිඩයක්

කොරියාවේ රැකියා බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයින්ට පණිවිඩයක්

මේ වන විට කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත් වී කොරියාවේ රැකියා බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයින් කඩිනමින් කොරියාවට යැවීමේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබද සාකච්ඡා කිරීම සඳහා කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂක ලී මහතා සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතර විශේෂ හමුවක් නාරාහේන්පිට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේදී පවත්වා තිබෙනවා.

ඒ අනුව ලබන සතියේ සිට සතියකට 250 බැගින් පිරිසක් කොරියාවට යැවීමට කටයුතු සලසන බව ලී මහතා අමාත්‍යවරයාට සඳහන් කර තිබුණා.මේ අතරින් වැඩි පිරිසක් ධිවර අංශයේ රැකියා සඳහා යොමු කරනු ලබනවා.

තවද මේ වන විට කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත් වී තොරතුරු ලේඛණයේ සිටින සියලු දෙනා සඳහා තොරතුරු ලේඛණයේ වලංගු කාලසීමාව දීර්ඝ කරන ලෙසට මනුෂ නානායක්කාර ඇමැතිවරයා කරන ලද ඉල්ලීම අනුව එම ඉදිරි සතියේදී ඒ පිළිබඳව දැනුම් දෙන බව ලී මහතා ප්‍රකාශ කර තිබෙනවා.

කොරියාවේ සේවයේ නිරතව සිට ආපසු පැමිණ යලි කොරියාවේ රැකියා බලාපොරොත්තු වෙන් සිටිය පුද්ගලයින් සඳහා විශේෂ කොරියානු භාෂා විභාගය කඩිනමින් පැවැත්වීම ගැන ඇමැතිවරයා මෙහිදී අවධානය යොමු කළ අතර කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට නේවාසික ප්‍රධානියාගෙන් ඒ සදහාද සුබවාදී ප්‍රතිචාරයක් දැක්වූ බවයි වාර්තා වන්නේ.

Share This