කොවිඩ් පාලනයට බාධාවක් වන දේ ගැන කියන හඳුන්නෙත්ති

කොවිඩ් පාලනයට බාධාවක් වන දේ ගැන කියන හඳුන්නෙත්ති

කොවිඩ් ආසාදනයවීමෙන් නිරෝධායනය වන පවුල් සඳහා රුපියල් 10,000ක භාණ්ඩ මල්ල ලබා දෙන්නේ ඔවුන් නිවසින් පිටතට යෑම වළක්වලීමේ අරමුණින් බවත්, බඩු මල්ල ඔවුන්ට නොදීමෙන් එම අරමුණ වෙනස් වන බවත් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා දිනපතා පළවන පුවත්පතකට සඳහන් කර තිබෙනවා

ආණ්ඩුවේ මෙම තීරණය හේතුවෙන් නිරෝධායනයට ලක්ව නිවෙසින් පිටතට යෑමට නොහැකි පවුල් වඩාත් පීඩනයකට පත් වන බවද ඔහු සඳහන් කර සිටිනවා

මේ අවස්ථාවේ සොයා බැලිය යුතු වන්නේ නිරෝධායනය වන්නේ මුදල් තිබෙන අයෙක්ද නැති අයෙක්ද යන්න නොවන බවත්, ඔවුන් නිවස තුළ රඳවා ගැනීම බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

Share This