කොවිඩ් වසංගතය අතරේ සමාජ මාධ්‍ය ජාලාවල පළවන ඖෂධ ඔබත් දරුවන්ට දෙනවාද ?

කොවිඩ් වසංගතය අතරේ සමාජ මාධ්‍ය ජාලාවල පළවන ඖෂධ ඔබත් දරුවන්ට දෙනවාද ?

සමාජ මාධ්‍ය ජාලාවල පළවන ඖෂධ කිසිම අවස්ථාවක දරුවන්ට ලබානොදෙන ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ස්වසන රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා සඳහන් කරනවා

වෛද්‍යවරයකුගේ නිර්දේශය නොමැතිව දරුවන්ට ඖෂධ ලබානොදිය යුතු බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ

ශ්‍රී ලංකාව තුළ ‘කොවිඩ්’ සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ දරුවන් වෛරසයට ගොදුරුවීම වැඩි වී ඇති බව කී විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා දරුවකු රෝග ලක්‍ෂණ පෙන්වන්නේ නම් සුදුසුකම් ඇති වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගතයුතු යැයි සඳහන් කරනවා .

මේ අදහස් ඔහු දක්වා තිබෙන්නේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනුයි.

Share This