කොවිඩ් සමයේ රාජ්‍ය සේවකයන් ගත්  නිවාඩු ගණනය කිරීම සඳහා  නව චක්‍රලේඛයක්

කොවිඩ් සමයේ රාජ්‍ය සේවකයන් ගත් නිවාඩු ගණනය කිරීම සඳහා නව චක්‍රලේඛයක්

කොරෝනා සමයේ අනුගමනය කළ සහනදායී වැඩපිළිවෙළ තුළ, රාජ්‍ය නිලධාරීන් ලබා ගන්නා ලද නිවාඩු ගණනය කිරීම සඳහාවන ක්‍රමවේදයක් ඇතුළත් චක්‍රලේඛයක්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත මීට අදාළ චක්‍රලේඛය නිකුත් කළ බවයි අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ මහතා සඳහන් කළේ.

ගෝලීය වශයෙන් ව්‍යාප්තව වසංගතයක් බවට පත්වූ කොවිඩ් තත්ත්වය හේතුකොට ගෙන පසුගිය කාලයේ මෙරට ජන ජීවිතය මුළුමනින් ම පාහේ අකර්මණ්‍ය වූ අතර, මෙම තත්ත්වය රාජ්‍ය සේවයටද දැඩි බලපෑම් එල්ල කළ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන්.

එහිදී රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවකයින් පමණක් සේවා ස්ථානවලට ගෙන්වීම,සේවා මුර ක්‍රමයට රාජ්‍ය නිලධාරීන් ගෙන්වීම, නිවසේ සිට රාජකාරී කිරීම සඳහා ක්‍රමවේද සකස් කිරීම, සම්පූර්ණයෙන්ම රාජ්‍ය ආයතන වසා තැබීම මෙන්ම ගර්භනී හා කිරිදෙන මව්වරුන් රාජ්‍ය සේවය සඳහා නොකැඳවීම ආදී ක්‍රමවේදයන් අනුගමනය කර තිබෙනවා.

මේ සඳහා වන චක්‍රලේඛ කලින් කල රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත පාලන අමාත්‍යංශය මගින් නිකුත් කළ අතර ඒ අනුව රාජ්‍ය සේවය පවත්ගෙන යන ලද්දක්

වර්තමානය වනවිට රාජ්‍ය සේවයේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා රජය පියවර ගෙන ඇති අතර, රජයේ නිලධාරීන්ගේ නිවාඩු සම්බන්ධයෙන් සාමන්‍ය ක්‍රමවේද යටතේ කටයුතු කරගෙන යමින් පවති.

 

 

Share This