කොළඹ පුරපති ව්‍රායි කැලී බල්තසාර්

කොළඹ පුරපති ව්‍රායි කැලී බල්තසාර්

මුළු රටක් බලා සිටි කොළඹ පුරපති ධුරය මීට සුලු මොහොතකට පෙර මාලිමාවේ ව්‍රායි කැලී බල්තසාර් හිමිකරගත්තා.

අද දීර්ඝ විවාදයකින් අනතුරුව කොළඹ මහ නගර සභාව සඳහා නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට රහස් ඡන්දයක් පැවැත්වීමේ යෝජනාව ඒකමතිකව සම්මතවුණා.

ඉන් අනතුරුව ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ වූ අතර එහිදී ජාතික ජන බලවේගය ව්‍රායි කැලී බල්තසාර් යෝජනා කලා.

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය මොහොමඩ් රීසා සාරුක් යෝජනා කලා.

එහිදී නගරාධිපතිවරයා ලෙස තේරී පත්වූ ව්‍රායි කැලී බල්තසාර් ඡන්ද 61 ක් හිමි කර ගත් අතර රීසා සාරුක්ට හිමිවුණේ ඡන්ද 54 ක් පමණයි.

Share This