කොළඹ වරායේ නැගෙනහිර බහළුම් පර්යන්තයේ ඉදිකිරීම් ප්‍රමාදයට කොන්ත්‍රාත්කරු රු.මි.4227 ක් වන්දි ඉල්ලලා

කොළඹ වරායේ නැගෙනහිර බහළුම් පර්යන්තයේ ඉදිකිරීම් ප්‍රමාදයට කොන්ත්‍රාත්කරු රු.මි.4227 ක් වන්දි ඉල්ලලා

කොළඹ වරායේ නැගෙනහිර බහළුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම සම්බන්ධයෙන් කෝප් කමිටුවේ අවධානය යොමුව තිබෙනවා.

පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසන්නේ සමස්ත ව්‍යාපෘතිය දින 548 කින් ප්‍රමාදවීම හේතුවෙන් කොන්ත්‍රාත්කරු රු.මි.4227 ක් වන්දි ඉල්ලා ඇති බව අනාවරණය වූ බවයි.

වරාය අධිකාරියට අයත් සියලු ඉඩම් භාරගැනීම සහ බැහැර කිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා.

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත්තේ කොළඹ වරායේ නැගෙනහිර බහාළුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම සම්බන්ධයෙන් සහ සමස්ත ව්‍යාපෘති ඇතිවූ තත්ත්වයෙන් සම්බන්ධයෙනුයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2022 සහ 2023 වසරවල විගනකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 13 වැනිදා පාර්ලිඒන්තුවේ දී රැස්වූ අවස්ථාවේ මේ කරුණු අනාවරණය වුණා.

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් ප‍ර්යන්තයේ සංවර්ධන කටයුතු සිදුකිරීම සඳහා 2021 නොවැම්බර් මස ආයතනයක් සමග රු.මි.40,273 ක වටිනාකමින් යුත් කොන්ත්‍රාත්තුවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණා.

2021 දෙසැම්බර් මස මේ සඳහා ගිවිසුම් අත්සන් ක‍ර තිබූ අතර මෙම ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතව තිබුණේ 2025 ජනවාරි 03 වැනි දිනයි.

නමුත් කරුණු කිහිපයක් හේතුවෙන් ඉදිකිරීම් ප්‍රමාදවී තිබූ අතර එම කාලසීමාව දීර්ඝ කිරීමෙන් අනතුරුව 2026 ජූලි මස මෙම ඉදිකිරීම් අවසන් කිරීමට නියමිත බව කොප් කමිටුවේදී අනාවරණය වුණා.

දින 548 ක් ප්‍රමාදවීම හේතුවෙන් කොන්ත්‍රාත්කරු කොන්ත්‍රාත්කරු රු.මි. 4227 ක් වන්දි ඉල්ලා ඇති බව කාරක සභාව පෙන්වා දුන් අතර මේ සම්බන්ධයෙන් සියලු කරුණු ඇතුලත් වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙස එහි සභාපතිවරයා දැනුම් දුන්නා.

වරාය නිලධාරීන් දැනුම් දීඇත්තේ එහි කටයුතු කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරඇති බවයි.

සීදූව ,රද්දොළුව ක්‍රීඩා සමාජයේ නම ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රීඩා සමාජය ලෙස වනස් කිරීම සම්බන්ධයෙන් ද එම ක්‍රීඩා සමාජයට සම්බන්ධ වූ ක්‍රීඩකයන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී කෝප් කමිටුවේ අවධානය යොමුව තිබෙනවා.

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ දයාසිරි ජයසේකර , එස්.එම්.මරික්කාර් , නීතිඥ සුජීව සේමසිංහ,එම්.කේ.එම්.අස්ලම් , වෛද්‍ය පද්මනාදන් සත්‍යලිංගම්, වෛද්‍ය එස්. ශ්‍රී භවානන්දරාජා, ලුතිනන් කමාන්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මදුරංග, තිලින සමරකෝන්,සමන්මලී ගුණසිංහ, සුනිල් රාජපක්ෂ,චන්දිම හෙට්ටිආරච්චි,දිනේෂ් හේමන්ත යන මහතම මහතීන් ද සහභාගී වී සිටියා.

Share This