
කොළඹ සිහින නගරයට බොලිවුඩයේ සිහින කුමරු
ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ නිවාඩු නිකේතනය වන කොළඹ සිටි ඔෆ් ඩ්‍රීම්ස් (සිහින නගරය) විවෘත කිරීමේ උත්සවය සඳහා බොලිවුඩයේ රජු ලෙස විරුඳාවලි ලද සිහින තාරකාව සුපිරි නළු ෂාරුක් ඛාන් සහභාගී වීමට නියමිතයි.
සංවිධායක මඬුල්ල පවසන්නේ දැනටමත් ඔහුට ආරාධනා කර ඇති බවයි.
සුපිරි නළු ෂාරුක් ඛාන් තම ආරාධනය නිල වශයෙන් භාරගත් සැනින් ඒ බව මාධ්‍යට දැනුවත් කරන්නට සංවිධායකයින් සූදානමින් සිටී.